.webp)
COLOMBO (News 1st) -
ඉන්දීය කණ්ඩායම මෙවර ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ ය.ඒ, බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගය කඩුලු 6 කින් ජය ගනිමින් ය.
ඉන්දියාවේ, රායිපූර්හිදි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම තීරණය කළේ, පළමුව පන්දුවට පහර දීමටයි.
ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම, පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 148 කි.
ලෙන්ඩ්ල් සිමන්ස් ලකුණු 57 කි.
ලකුණු 149 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 17 යි පන්දුවක් තුළ කඩුලු 4 ක් දැවී සිටියදී තරගය ජය ගත්තේ ය.
නායක සචින් තෙන්ඩුල්කාර් ලකුණු 25 කි.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ අම්බාති රායුඩු පන්දු 50 කදී ලකුණු 74 ක් රැස් කළේ ය.