මිදිගම ව්‍යාපාරිකයෙකුගේ නිවසකට වෙඩි..

මිදිගම ව්‍යාපාරිකයෙකුගේ නිවසකට වෙඩි..

by Staff writer 17-03-2025 | 9:12 AM

COLOMBO (News 1st) -

මිදිගම, පාතේගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද අලුයම 2.30 ට පමණ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

ඉන් අදාළ ව්‍යාපාරිකයාට හෝ නිවසේ සිටි කිසිවෙකුට හානියක් වී නැහැ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කළේ ය.