ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙඩි තැබීමක්

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙඩි තැබීමක්,දෙදෙනෙකුට තුවාල

by Staff writer 17-03-2025 | 11:29 PM

COLOMBO (News 1st) - ග්‍රෑන්ඩ්පාස්, නාගලගම්විදියේ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

රාත්‍රී 9.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇත.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ, ග්‍රෑන්ඩ්පාස් පදිංචි 22 හා 28 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනකි.

පොලීසිය පැවසුවේ,වෙඩි තැබීම සඳහා මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියක් උපයෝගී කරගෙන ඇති බවයි.

තුවාල ලැබුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.