ගණේමුල්ලේ සංජීවගේ ඝාතනයට ජේලර්වරයෙක් රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතනය: බූස්ස බන්ධනාගාරයේ ජේලර්වරයෙකු රිමාන්ඩ්....

by Staff writer 17-03-2025 | 9:27 PM

COLOMBO (News 1st) - ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බූස්ස බන්ධනාගාරයේ ජේලර්වරයෙකු ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සිද්ධිය වූ දින සැකකාර ගණේමුල්ල සංජීව නැමැත්තා, මෙම සැකකාර ජේලර්වරයා විසින් අධිකරණයට රැගෙන විත් තිබෙන බව සඳහන්.

ඔහු සිය රාජකාරිය වගකීම පැහැර හැරීම හේතුවෙන් මෙම අපරාධය සිදුවූයේ දැයි සොයා බැලීම සඳහා විමර්ශන සිදු කරන බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ ය.

වෙඩි තබා පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සැකකාර බන්ධනාගාර නිලධාරියා විසින් කිසිඳු පියවරක් ගෙන නොමැති බව ද සිදුකර ඇති විමර්ශන මගින් කරුණු අනාවරණය වී ඇති බව ද, පොලිසිය පැවසුවේ ය.

කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් ඉදිරි විමර්ශන සිදු කිරීම සඳහා සැකකරුගේ ජංගම දුරකතන ඇමතුම් පිළිබඳ වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේ ය.

එම ඉල්ලීම්වලට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ ය.