.webp)
COLOMBO (News 1st) -
අත්අඩංගුවට ගැනීමේ නියෝගය අත්හිටුවන අතුරු තහනමක් ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනුකළ රීට් පෙත්සම පිළිබඳ තීන්දුව අද ලබාදීමට නියමිතව තිබේ.ඒ සඳහා දින නියම වුණේ, පසුගිය 12 වැනිදා පෙත්සම සළකා බැලූ අවස්ථාවේදී ය.
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන විනිසුරු මඬුල්ල හමුවේ එය සලකා බැලිණ.
දේශබන්දු තෙන්නකෝන් මහතා, අභියාචනාධිකරණය හමුවේ එම රීට් පෙත්සම ගොනු කළේ, පසුගිය 10 වැනිදා ය.