පළාත් කිහිපයකට තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

පළාත් කිහිපයකට තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්..

by Staff writer 16-03-2025 | 5:24 PM

COLOMBO (News 1st) -

පළාත් කිහිපයකට ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ති‍බේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ , උතුරු පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි ය.

අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.