.webp)
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ උපත ලද දෙමළ සම්භවයක් ඇති ගැරී ආනන්දසංගරී කැනඩාවේ නව අධිකරණ අමාත්‍යවරයා සහ නීතිපතිවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.
ඒ, කැනඩාවේ නව අගමැති මාර්ක් කාර්නි ඉදිරියේයි.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධුරයට පත්වූ පළමු දෙමළ - කැනඩා ජාතිකයා ලෙස ද ඔහු ඉතිහාසගත වෙනවා.
1973 වසරේ යාපනයේ උපත ලැබූ ගැරී ආනන්දසංගරීගේ වයස අවුරුදු 52ක්.
මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනීසිටි කැපී පෙනෙන චරිතයක් වූ ආනන්දසංගරී, කැනඩාවේ අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් නව අමාත්‍ය ධුරය භාර ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහුගේ නායකත්වයට සහයෝගය පළ කළ කැනේඩියානු නීතිඥ සංගමය (CBA) විසින් ඔහුගේ පත්වීම පිළිගෙන ඇති බවයි
ඔහු මීට පෙර කැනේඩියානු දෙමළ වාණිජ මණ්ඩලය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය සහ කැනේඩියානු දෙමළ තරුණ සංවර්ධන මධ්‍යස්ථානය ඇතුළු විවිධ සංවිධාන කිහිපයක් සමඟ කටයුතු කර ඇති පුද්ගලයෙක්.
2015 සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස සේවය කර ඇති ආනන්දසංගරී, නීතිය හා මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳ ශක්තිමත් පසුබිමක් ඇති පුද්ගලයෙක්.