COLOMBO (News1st) - අම්බලන්ගොඩ, ඉඩම්තොටදි තිරිමාදුර නිශාන්ත මෙන්ඩිස් හෙවත් 'පොඩි සුද්දා' නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම විදේශගතව සිටින 'සමන් කොල්ලා' නැමැති සංවිධානාත්මක අපරාධකරු විසින් මෙහෙයවා ඇති බවට විමර්ශනවලදී හෙළිවී තිබේ.
පොලීසිය පැවසුවේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 05 ක් විමර්ශන ආරම්භ කර ඇති බවයි.
අම්බලන්ගොඩ, ඉඩම්තොටදී ඊයේ(14) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් 'පොඩි සුද්දා' නැමැත්තා මිය ගියේය.