.webp)
48වැනි ශාන්ත තෝමස් - රාජකීය සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය අද පැවැත්වුණේ, කොළඹ SSC ක්‍රීඩාංගණයේදීයි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත තෝමස් විද්‍යාලය සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 220ක් පමණි.
ජේඩ්න් අමරවීර ලකුණු 70ක් රැස් කළේ ය.
රමිරු පෙරේරා කඩුලු 03ක් දවා ගැනීමට සමත් විය.
රාජකීය විදුහල් පිළිතුරු ඉනිම වෙනුවෙන් හිරුන් ලියනාරච්චි ලකුණු 105යි.
කවිඳු ඩයස් කඩුලු 3ක් දවා ගැනිමට සමත් විය.
රාජකීය විද්‍යාලය තරගය ජය ගත්තේ පන්දුවාර 46යි පන්දු 4කදී කඩුලු 06ක් දැවී සිටියදීයි.
තරගයේ වීරයා බවට පත්වුණේ, රාජකීය විද්‍යාලයේ හිරුන් ලියනාරච්චි.
ඒ අනුව රාජකීයයන් 24 වැනි වරටත් මස්ටෑන්ග්ස් කුසලානය දිනා ගැනීමට සමත් විය.