සුපිරි වාර්තාවක් තියපු සුමේධ රණසිංහ..

හෙල්ල විසි කිරීමෙන් සුපිරි වාර්තාවක් තියපු සුමේධ රණසිංහ..

by Staff writer 14-03-2025 | 6:38 AM

COLOMBO (News 1st) -  ශ්‍රී ලංකාවේ සුමේධ රණසිංහ, හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්ව සඳහා 2025 වසරේදී ලෝක මට්ටමෙන් ක්‍රීඩකයින් මෙතෙක් ප්‍රදර්ශනය කළ දක්ෂතා අනුව  ඊයේ(13) දින වන විට පළමු ස්ථානයට පත්ව තිබේ.

ඒ, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පසුගිය ඉරිදා පැවැති තේරීම් තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙනි.

තේරීම් තරගයේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් ද සමගින් මීටර 85.78 දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ සුමේධ එලැඹෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට ද සුදුසුකම් ලබා ගත්තේ ය.

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග හෙල්ල විසි කිරීම පිරිමි ශ්‍රේණිගත කිරීම්හී රැඳී සිටින්නේ 2 වැනි ස්ථානයේයි.

ඒ, ඔස්ට්‍රේලියාවේ පර්ත්හිදී පැවැති තරගයකදී මීටර 85යි දශම 4යි 1ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි.