සාලි නලීම් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සාලි නලීම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

by Staff writer 14-03-2025 | 6:17 PM

COLOMBO (News1st) - මොහොමඩ් සාලි නලීම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව අද(14) පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

ඔහු පැවසුවේ, එළඹෙන පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඔහු පාර්ලිමේන්තුවට පිවිසියේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමිනි.