.webp)
ඒ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් අතර ඊයේ(13) පැවැති සාකච්ඡාවකදීය.
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාවට යෝජිත ඉඩමෙහි භාරකාරත්වය හිමිව ඇති අමරපුර ධර්මරක්ෂිත නිකායේ අතිගරු මහානායක අති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මාහිමියන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද සහ මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න යන මහත්රුවන් ඇතුළු පිරිසක් සහභාගී විය.
මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වෙන්කර තිබියදීත් මෙතෙක් අළුත්වැඩියා නොකළ සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරය ඉක්මනින් අළුත්වැඩියාව ආරම්භ කිරීමටත් තීරණය කර තිබේ.