.webp)
ක්‍රයිස්චර්ච්හීදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 101කි.
අද ජාත්‍යන්තර වරම් දිනූ මල්කි මදාරා ලකුණු 14ට කඩුලු 3ක් දවා ගත්තා ය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක චමරි අතපත්තු නොදැවී ලකුණු 64ක් රැස් කළා ය.
ඇගේ ඉනිමට 4 පහර 9ක් සහ 6 පහර 2ක් ඇතුළත් විය.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 14යි පන්දුවක් අවසානයේදී කඩුලු 3ක් දැවී නියමිත ඉලක්කය පසු කිරීමට සමත් විය.