.webp)
COLOMBO (News 1st) -
මිද්දෙණියේ ත්‍රිපුද්ගල ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ය.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන්, ඩුබායි රාජ්‍ය බලා පළා යාමට සූදානමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගැනුණි.
කටුවන, අඟුලන්දෙනියේ පදිංචි සැකකරුගේ වයස අවුරුදු 23 කි.
ඔහු එම ත්‍රිත්ත්ව ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු බව පොලීසිය සඳහන් කළේ ය. .
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන් සංඛ්‍යාව13 කි.
මිද්දෙනිය පොලීසියේ සහ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
අරුණ විදානගමගේ හෙවත් කජ්ජා නමැත්තා මිද්දෙනියේදී වෙඩි තබා ඝාතනය කළේ, පසුගිය 18 වැනිදායි.
ඉන් තුවාල ලැබූ ඔහුගේ දරු දෙදෙනා ද, පසුව මිය ගියේ ය.