.webp)
COLOMBO (News 1st) - නීති විරෝධීව දුම්වැටි තොගයක් කටුනායක ගුවන්තොටුපොළෙන් රැගෙන යාමට තැත් කළ රේගු පරීක්ෂකවරයෙකු ඇතුළු තුන්දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ දිනයේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී මෙම සිදුවීම වාර්තා වුණි.
විදේශ රටක සිට නීති විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් පරීක්ෂාවකින් තොරව ගුවන්තොටුපොළේ රේගු පාලන ප්‍රදේශයෙන් ඉවතට ගැනීමට මෙම සිදුවීමට සම්බන්ධ රේගු පරීක්ෂකවරයා කටුයුතු කර තිබුණි.
අදාළ රේගු පරීක්ෂවරයා නීති විරෝධී දුම්වැටි තොගය රැගෙන ඒම සඳහා ගුවන්තොටුපොළේ රේගු පාලන ප්‍රදේශයට ඇතුළු වන්නේ සිය හැඳුනුම්පත ද භාවිතා කරමිනි.
රේගු පාලන අංශයට ඇතුළු වන අදාළ රේගු පරීක්ෂකවරයා අදාළ නීති විරෝධී දුම්වැටි තොගය සිය රාජකාරී බලය භාවිත කරමින් රේගු පාලන අංශයෙන් පිටතට රැගෙන එන අයුරුත් සිසිටිවි දර්ශනවල පටිගතව තිබුණි.
එම අවස්ථාවේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ඔහු ලක්වන විට විදේශ රටක සිට නීති විරෝධිව රැගෙන ආ දුම්වැටි 60,000ක් ඔහු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ භාරයට ගැණුනි.
නීති විරෝධී දුම්වැටි තොගය සමග අත්අඩංගුවට ගත් රේගු පරීක්ෂකවරයා කොළම රේගු නිවාරණ අංශයට අනියුක්තව සේවය කරන නිලධාරීයෙක් බව අනාවරණය වී තිබේ.
මෙම නීති විරෝධි දුම්වැටි තොගය මෙරටට රැගෙන ඒමට ආධාර අනුබල දුන් රේගු පරීක්ෂකවරයා ඇතුළු තිදෙනෙකු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව ඇප මත මුදා හැර ඇත්තේ රුපියල් ලක්ෂ 4ක ඩ මුදලක්ද නියම කරමිනි.
ඉතාමත් කාර්යක්ෂමව හා නීතියට අවනතව තම රාජකාරි ඉටකරන රේගු නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙරට සිටි.
නමුත් මෙවැනි දුෂණ වංචා සිදු කරන නිලධාරීන් කිහිපදෙනෙකු නිසා සමස්ත රාජ්‍ය නිලධාරීන්ම අපකිර්තියට පත්වන්නේ නැද්ද?