හිටපු බන්ධනාගාර අධිකාරිවරයෙක්ට වෙඩි තැබීමක්

අක්මීමන වෙඩි තැබීමකින් බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු සහකාර අධිකාරිවරයෙක් මරුට

by Staff writer 13-03-2025 | 6:26 PM

COLOMBO (News 1st) - ගාල්ල, අක්මීමන තලගහ ප්‍රදේශයේ වෙඩි තැබීමකින් බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු සහකාර අධිකාරිවරයෙකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද(13) පස්වරුවේ ඔහු සිය මිදුලේ සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළා ගොස් ඇති බවයි.

මීලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තැබීම සිදු කර ඇත.

පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

61 හැවිරිදි ඝානතයට ලක්වූ ගාල්ල බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු සහකාර අධිකාරිවරයා පසුගිය වසරේ මාර්තු මාසයේ විශ්‍රාම ගොස් තිබුණි.