වෛද්‍යවරුන් අද දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක

වෛද්‍යවරුන් අද දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක

by Staff writer 12-03-2025 | 6:43 AM

COLOMBO (News 1st) - වෛද්‍යවරුන් අද(12) දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක නිරත වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ සැකකරු මෙතෙක් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි.

මේ අතර පොලීසිය පැවසුවේ, වෛද්‍යවරිය බරපතළ ලෙස ලිංගික අපයෝජනය කළ සැකකරු අත්අඩංගුවට ගැනීමට තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

සැකකරු හඳුනාගෙන ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය.

ඔහු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සඳහා යුධ හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය ද එක්ව සිටින බව පොලීසිය පැවසීය.

වෛද්‍යවරිය බරපතළ ලෙස ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධිය මුල් කර ගනිමින් අනුරාධපුර රෝහලේ රෝහල් කාර්යය මණ්ඩලය සේවාවවලින් ඉවත්ව ඊයේ (11) විරෝධතාවක් ද ආරම්භ කළේ ය.