වෛද්‍ය වැඩ වර්ජනය තවදුරටත්

වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ආරම්භ කළ වෛද්‍ය වැඩ වර්ජනය තවදුරටත්

by Staff writer 12-03-2025 | 12:16 PM

COLOMBO (News1st) - අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කළ බව කියන සැකකරු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන් අද (12) උදෑසන ආරම්භ කළ වැඩ වර්ජනය සැලසුම් කර පරිදි හෙට (13) උදෑසන 8 දක්වා ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඔවුන් තවදුරටත් වැඩ වර්ජනයේ නිරත වන්නේ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කළ බව කියන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති පසුබිමකයි.