.webp)
COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණයට අදාළ ලිපි ලේඛන මුද්‍රණ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එම කොමිසම පැවසුවේ, ඊට අදාළ උපදෙස් හා ලිපි ලේඛන මේ වනවිට රාජ්‍ය මුද්‍රණාලයට භාර දී ඇති බවය.
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම ලබන 17 වැනි දා ආරම්භ වේ.
ලබන 20 වැනි දා දහවල් 12.00 න් එම කටයුතු අවසන් වනු ඇති.
පළාත් පාලන මැතිවරණයේ අද අවධානය යොමු කරන්නේ මහනුවර දිස්ත්‍රික්කය පිළිබඳවයි.