පළාත් කිහිපයකට අදත් තද වැසි..

පළාත් කිහිපයකට අදත් තද වැසි..

by Staff writer 12-03-2025 | 9:42 AM

COLOMBO (News1st) - බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලට අද (12) දිනයේ මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.