.webp)
COLOMBO (News 1st) - ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව අද(11) සිට කොළඹ දිස්ත්‍රික්කයේ වාහන දුම් පරීක්ෂා කිරීම් සම්බන්ධ වැටලීම් සිදු කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ ඉංජිනේරු දසුන් ගමගේ මහතා පැවසුවේ, මාසයක කාලයක් තුළ වාහන 1000ක දුම් පරීක්ෂා කිරීම් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.
මෙම දුම් පරීක්ෂාව අසමත් වන වාහන සඳහා නඩත්තු නියෝග නිකුත් කරනු ඇති.
ඒ අනුව දින 14ක් තුළ එම නඩත්තු නියෝගයට අනුව නිවැරදි කිරීම් සිදු කර රථය ඉදිරිපත් කළ යුතුය.
මේ අතර වාහන දුම් පරීක්ෂා කිරීම් සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කිරීම් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසුවේ ය.