සා/පෙළ උපකාර පන්ති අද මැදියම් රැයේ සිට තහනම්

සා/පෙළ විභාගයට අදාළ උපකාර පන්ති, දේශන හා සම්මන්ත්‍රණ අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

by Staff writer 11-03-2025 | 6:40 AM

COLOMBO (News 1st) - මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාර පන්ති, දේශන හා සම්මන්ත්‍රණ පැවැත්වීම අද(11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වේ.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, විභාගය අවසන් වන තෙක් ඊට අදාළ අත්පත්‍රිකා බෙදා හැරීම ද තහනම් වන බවයි.

එම නියෝගය කඩකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය, ලබන 17 වැනි දා සිට 26 වැනි දා දක්වා පැවැත්වේ.