මැතිවරණ නිරීක්ෂණ කටයුතු 17 වැනි දා සිට ඇරඹේ

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ මැතිවරණ නිරීක්ෂණ කටයුතු 17 වැනි දා සිට ඇරඹේ - පැෆ්රල් සංවිධානය

by Hashini De Mel 11-03-2025 | 6:14 AM

COLOMBO (News 1st) - පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මැතිවරණ නිරීක්ෂණ කටයුතු ලබන 17 වැනි දා සිට ආරම්භ කරන බව පැෆ්රල් සංවිධානය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් සමග සාකච්ඡා කරමින් ඊට අදාළ මූලික සැලසුම් සකස් කර ඇති බවයි.

පැෆ්රල් සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ පැමිණිලි ඒකකයක් ස්ථාපිත කිරීමට ද සැලසුම් කර ඇති බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.