අගමැති මාධ්‍ය ඒකකයෙන් දැනුම් දීමක්...

අගමැතිනිය ඇතුළු මෙරට ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් භාවිත කරමින්, සමාජ මාධ්‍යයේ පළවී ඇතැයි පැවසෙන ක්‍රිප්ටෝ මුදල් ව්‍යාපාර පිළිබඳ දැන්වීම් සත්‍යතාවයෙන් තොරයි - අගමැති මාධ්‍ය ඒකකය

by Staff writer 11-03-2025 | 9:30 PM

COLOMBO (News 1st) - අගමැතිනිය ඇතුළු මෙරට ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් භාවිත කරමින්, සමාජ මාධ්‍යයේ පළවී ඇතැයි පැවසෙන ක්‍රිප්ටෝ මුදල් ව්‍යාපාර පිළිබඳ දැන්වීම් සත්‍යතාවයෙන් තොර බව, අගමැති මාධ්‍ය ඒකකය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අගමැති මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ, මෙම වංචනික දැන්වීම් හෙළා දකින බවයි.

මෙලෙස ව්‍යාජ දැන්වීම් සමාජ මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කිරීම පිටුපස විදේශීය ආයතන සිටින බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙරට ප්‍රසිද්ධ පුද්ගලයින් පිළිබඳ ජනතාව තුළ ඇති විශ්වාසය බිඳ දැමීම මෙහි අරමුණ වී ඇත.

මෙලෙස රජයේ නිලධාරීන්ගේ සහ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ අනුමැතිය ඇතැයි කියන මෙම ක්‍රිප්ටෝ මුදල් අයෝජන දැන්වීම්වලින් අතිශය ප්‍රවේශම්වන ලෙස අගමැති මාධ්‍ය අංශය ජනතාවට දැනුම් දෙයි.