හෂීස් මත්ද්‍රව්‍ය සමග කැනඩා තරුණියක් අත්අඩංගුවට..

හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම්17 ක් දිවයිනට ගෙන ආ කැනඩා තරුණියක් අත්අඩංගුවට..

by Staff writer 10-03-2025 | 8:51 AM

COLOMBO (News 1st) -

හෂීස් මත්ද්‍රව්‍ය  කිලෝග්‍රෑම්17 යි ග්‍රෑම් 573 ක් රැගෙන දිවයිනට පැමිණි කැනඩා ජාතික තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ය.

සිය ගමන්මල්ල තුළ ඇඳ ඇතිරිලි වල ඔතා ඇය එම මත්ද්‍රව්‍ය තොගය දිවයිනට රැගෙනවිත් තිබේ.

එම තරුණියගේ වයස, අවුරුදු 20 කි.

මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම, මෙතෙක් තක්සේරු කර නැහැ.

ගුවන් තොටුපළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.