මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්..

මන්නාරම, පුනකරී සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා ඡන්දයට නාම යෝජනා කැඳවීමට දින නියම වෙයි..

by Staff writer 10-03-2025 | 2:45 PM

COLOMBO (News 1st) -

මන්නාරම, පුනකරී සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා ඡන්දයට නාම යෝජනා කැඳවීම, ලබන 24 වැනිදා සිට 27 වැනිදා දහවල් 12 දක්වා සිදුකිරීමට දින නියම කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ, ඇප මුදල් භාරගැනීම අද (10) සිට ලබන 26 වැනිදා දහවල් 12 දක්වා සිදු කෙරෙන බවයි.

එම ප්‍රාදේශීය සභාවලට අදාළව පසුගිය නාමයෝජනා කැඳවීම සම්බන්ධයෙන් පැවති අධිකරණ ක්‍රියාමාර්ග අවසන් වීමත් සමග එම තීරණය ගෙන තිබේ.

මේ අතර කල්මුණේ මහ නගර සභාවට අදාළ ඡන්ද විමසීම, නොපැවැත්වෙන බව, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ, සයින්දමර්දු නමින් නගර සභාවක් ඉල්ලා විභාග වන නඩුවක් හේතුවෙනි.

මීට පෙර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ පවත්වා, සභිකයින් තෝරා පත්කරගැනීම හේතුවෙන් මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ද නොපැවැත්වේ.