නෞකා අනතුරකින් 37කට තුවාල

බ්‍රිතාන්‍ය වෙරළට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ නෞකා අනතුරක්...

by Staff writer 10-03-2025 | 10:53 PM

COLOMBO (News 1st) - බ්‍රිතාන්‍ය වෙරළට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් තෙල් ප්‍රවාහන නැවක ගැටීමෙන් තිස් හත් දෙනෙකු තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරත් සමග තෙල් නැවේ ගින්නක් හටගෙන ඇති අතර තෙල් කාන්දුවක්ද සිදුව ඇති බවයි.

මේ වන විට ගුවන් යානයක්, හෙලිකොප්ටරයක් සහ ජීවිතාරක්ෂක බෝට්ටු පැමිණ ගින්න නිවා දැමීමටත් මුදවා ගැනීමටත් කටයුතු කරමින් ඇතැයි, වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමරිකානු ධජය සහිත තෙල් නෞකාවක් සහ පෘතුගීසි ධජය සහිත බහාලුම් නෞකාවක් එකිනෙක ගැටී ඇති බවයි.