.webp)
COLOMBO (News 1st) -
නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට මිලිමීටර 75 ක පමණ තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනූව උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් වලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
ඇතැම් ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 30 ත් 40 ත් දක්වා ඉහළ යා හැකි වෙයි.
අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.