ජනප්‍රිය ගායන ශිල්පී ඇලෝ බ්ලැක් දිවයිනට

ජනප්‍රිය ගායන ශිල්පී ඇලෝ බ්ලැක් නිල සංචාරයක් සඳහා දිවයිනට

by Staff writer 10-03-2025 | 5:18 PM

COLOMBO (News 1st) - ලෝක ප්‍රකට ගායන ශිල්පී ඇලෝ බ්ලැක් නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

ඒ, ජනාධිපති කාර්යාලය කළ නිල ආරාධනයකට අනුවයි.

ආයෝජන සඳහා ශ්‍රී ලංකාව ආකර්ෂණීය ස්ථානයක් බව ලොවට කියා පෑමේ කොටස්කරුවෙකු වීම සිය සංචාරයේ අපේක්ෂාව බව, ඇලෝ බ්ලැක් සඳහන් කළේ ය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ව්‍යවසායකත්ව සහ ජෛව තාක්‍ෂණ නවෝත්පාදනය පිළිබඳ, ඔහුගේ උනන්දුව මෙම සංචාරයෙන් පිළිබිඹු වන බවයි.