මිද්දේණියේ ඝාතනයට සැකපිට තවත් අයෙක් අත්අඩංගුවට

මිද්දේණියේ ත්‍රිපුද්ගල ඝාතනයට සැකපිට තවත් අයෙක් අත්අඩංගුවට...

by Staff writer 09-03-2025 | 11:52 AM

COLOMBO (News 1st) - අරුණ විදානගමගේ හෙවත් කජ්ජා නැමැත්තා සහ ඔහුගේ දරුවන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කුට්ටිගල ප්‍රදේශයේදී යි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන් සංඛ්‍යාව, 12 ක්.

මිද්දෙණියේදී පසුගිය 18 වැනිදා කජ්ජා නැමැත්තා වෙඩි තබා ඝාතනය කළේ ය.

එහිදී තුවාල ලැබූ ඔහුගේ දරු දෙදෙනා ද, පසුව මිය ගියහ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයයි.