.webp)
COLOMBO (News 1st) -
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 3 වැනි වරටත් ශූරයන්ගේ කුසලානය දිනා ගත්තේ යඒ, 2025 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තයට එරෙහිව පැවැති අවසන් මහා තරගය කඩුලු 4කින් ජය ගනිමින් ය.
ඩුබායි ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය හිමිකර ගත්තේ නවසීලන්තයයි.
ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.
විල් යංග් සහ රචින් රවීන්ද්‍ර නවසීලන්ත පළමු කඩුල්ලට ලකුණු 57ක සබඳතාවක් ගොඩනැගුවේය.
රචින් රවීන්ද්‍ර, පන්දු 29කින් ලකුණු 37කි.
ඉන්දීය පන්දු යවන්නන්ගෙන් එල්ල වූ පීඩනය හමුවේ නවසීලන්ත ප්‍රබල පිතිකරුවන් රැසකටම ලකුණු අතරට පිවිසීමට හැකි වුණේ නැහැ.
හිටපු නායක කේන් විලියම්සන් ලකුණු 11කට දැවී ගියේ ය.
ටොම් ලේතම් ලකුණු 14කි..
ඒ අනුව නවසීලන්ත මුල් පෙළ කඩුලු 5 ලකුණු 165කදී බිඳ වැටුණි.
ඩැරිල් මිචෙල් ලකුණු 63ක් රැස් කළේ නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින් ය.
මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 53කි..
වරුන් චක්‍රවර්ති සහ කුල්දීප් යාදෙව් අතර කඩුලු 2 බැගින් බෙදී ගියේ ය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 251ක්.
නායක රෝහිත් ශර්මා සහ ශුබ්මන් ගිල්, ලකුණු 252ක ඉලක්කයකින් ඉන්දීය පිළිතුරු ඉනිම ආරම්භ කළේ ය.
ඔවුන් දෙදෙනා සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ පළමු කඩුල්ලට ලකුණු 105ක සබඳතාවක් එක් කරමින් ය.
ශුබ්මන් ගිල් ලකුණු 31කි.
සුපිරි පිතිකරු විරාට් කෝලි එක් ලකුණකට පිටියෙන් ඉවත් විය.
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් ශර්මා 4 පහර 7ක් සහ 6 පහර 3ක්ද සමගින් ලකුණු 76ක් රැස් කළේ ය.
ඒ අනුව ඉන්දීය මුල් පෙළ කඩුලු 3 බිඳ වැටුනේ ලකුණු 122කදී ය.