යළි විවෘත වුණු බ්‍රිස්බේන් ගුවන් තොටුපොළ

ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව හේතුවෙන් වසා දැමුණු බ්‍රිස්බේන් ගුවන් තොටුපොළ යළි විවෘත කෙරේ...

by Staff writer 09-03-2025 | 11:15 AM

COLOMBO (News 1st) - ඇල්ෆ්‍රඩ්  සුළි කුණාටුව හේතුවෙන් වසා දැමුණු ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් ගුවන් තොටුපොළ යළි විවෘත කර තිබේ.

සුළි කුණාටුව මේ වන විට හමා යන්නේ, පැයට කිලෝමීටර 90 ක වේගයෙන්.

බ්‍රිස්බ්‍රේන් සහ ක්වීන්ස්ල්ඩ් ප්‍රාන්ත හරහා එය හමා යන බව, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම ප්‍රදේශ ආශ්‍රිතව මේ වන විට ජල ගැලීම් තත්ත්වයක් ද, පවතින්නේ දෛනික ජන ජීවිත අඩාල කරමිනි.

නිවාස සහ ගොඩනැගිලි තුන් ලක්ෂ දහසට දහස් පන්සිය හතලිස්කට විදුලිය විසන්ධි වී තිබේ.