හබරණදී අනතුරට ලක්වූ ඇතා සොයා මෙහෙයුම්...

හබරණදී අනතුරට ලක්වූ ඇතා සොයා මෙහෙයුම්...

by Staff writer 08-03-2025 | 7:51 PM

COLOMBO (News 1st) - හබරණ මරඳන්කඩවල ගලපිටගලදී ලොරියක ගැටීමෙන් තුවාල වූ ඇතා සොයා වන ජීවි නිලධාරීන්ගෙන් යුත් කණ්ඩායම් දෙකක් මේ වන විටත් මෙහෙයුම්වල නිරත වේ.

පොලිසිය සඳහන් කළේ අනතුරින් පසු ඇතාගේ එක් දළයක් සම්පුර්ණයෙන් ශරීරයෙන් වෙන්වී ඇති බවයි.

අනතුරින් පසු ඇතා වනය තුළට පලා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (07) කරුණු වාර්තා කළේ ය.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලොරි රථයේ රියදුරු ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

අනතුරින් තුවාල ලැබු එම ඇතා, මින්නේරිය නිජබිම කර ගත් සුමේධ ඇතා විය හැකි බවට, සැක පල කරයි.