ගම්පහ කිරිඳිවිට වෙඩි තැබීමක්, දෙදෙනෙකුට තුවාල....

ගම්පහ කිරිඳිවිට වෙඩි තැබීමක්, දෙදෙනෙකුට තුවාල....

by Staff writer 08-03-2025 | 8:02 PM

COLOMBO (News 1st) - ගම්පහ කිරිඳිවිට වෙඩි තැබීමකින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන්  කළේ, තුවාල ලැබු පුද්ගලයින් ගම්පහ මහ රෝහලට ඇතුළත් කළ බවයි.

යතුරුපැදි අමතර කොටස් අළෙවිකරන වෙළෙදසැලක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර වෙඩි තැබීම සිදු කර තිබේ.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇතැයි, පොලිසිය ප්‍රකාශ කළේ ය.

පිස්තෝලයකින් වෙඩි තැබීම සිදුකර ඇත.

වෙඩි වැදුණු පුද්ගලයින් දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බව පොලිසිය සඳහන් කළේ ය.