.webp)
මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ News1st සහ NDB බැංකුව එක්වයි.
දේශයේ ධෛර්යවන්ත කාන්තාවන් ඇගයීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා වනිතාභිමාන මෙවර සංවිධානය කෙරෙන්නේ 5 වැනි වරටයි.
පළාත්, ආයතනික හා වෘත්තීය,විදේශ සේවා නියුක්ත, වනිතා අභිනන්දන සහ වසරේ ජනප්‍රියම කාන්තාව ලෙස අංශ 5 කින් කාන්තාවන් ඇගයීම මෙහිදී සිදුවෙයි.
මේ අවස්ථාවට සිරස මාධ්‍ය ජාලයේ සමූහ අධ්යක්ෂ ශෙවාන් ඩැනියල් , MTV ප්‍රධාන මෙහෙයුම් නිලධාරී යසරත් කමල්සිරි, NDB බැංකුවේ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කැළුම් එදිරිසිංහ, එම බැංකුවේ ආයතනික බැංකුකරණ අංශයේ උප සභාපති ඉශානි පල්ලියගුරු, කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රශාන්ති නාරංගොඩ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි විය
මෙවර තරගාවලියේදී මාර්ගගත ක්‍රමය යොදාගනිමින් ව්‍යාපාර කටයුතු සිදු කරන කාන්තාවන්ට අවස්ථාව දීමද විශේෂත්වයකි.
ශ්‍රී ලංකා වනිතාභිමාන 2025 නිල ලාඡනය හා තේමා ගීතයද මෙහිදී එළිදැක්විණ.