.webp)
COLOMBO (News 1st) - පාසල් මහා ක්‍රිකට් තරග නාමාවලියේ තවත් සුවිශේෂී තරගයක් වන කොළඹ රාජකීය - ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර 'නිල් මහා සටන' වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද(06) ආරම්භ වේ.
ලොව පැරණිතම පාසල් මහා ක්‍රිකට් තරග අතුරින් දෙවැනි ස්ථානයට හිමිකම් කියන කොළඹ රාජකීය - ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර නිල් මහ සටන වාර්ෂික ක්‍රිකට් තරගය මෙවර පැවැත්වෙන්නේ 146 වැනි වරටයි.
1879 වසරේ ආරම්භ වූ මෙම තරගය ලොව මෙතෙක් අඛණ්ඩව පවත්වනු ලැබූ එකම වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරගය වීම ද විශේෂත්වයකි.
මෙම තරගය ඩී.එස් සේනානායක අනුස්මරණ පලිහ වෙනුවෙන් පැවැත්වෙන අතර රාජකීයයන් එය ජයගෙන ඇති අවස්ථා සංඛ්‍යාව 36කි.
ශාන්ත තෝමස් විද්‍යාලය අවස්ථා 35කදී එය තමන් සතු කරගත්තේ ය.
තරගය අද(06) හෙට(07) සහ අනිද්දා(08), කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
අඛණ්ඩව 16 වැනි වරටත් මෙවර නිල් මහ සටනට නිල විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ MTV, MBC මාධ්‍ය ජාලයයි.
තරගය පැවැත්වෙන දින තුනේදීම MTV, MBC මාධ්‍ය ජාලයේ සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා තුන, නිව්ස්ෆස්ට් ප්‍රවෘත්ති ප්‍රකාශ තුළින් සහ අපගේ සමාජ මාධ්‍ය තුළින් රාජකීය - ශාන්ත තෝමස් නිල් මහ සටන විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරගයේ සියලු තොරතුරු ගෙන ඒමට සියලු කටයුතු සූදානම්ය.