.webp)
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරීන් සමග අයවැය සහ ආයතන ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පැවැති සාකච්ඡාවකදීයි.
රේගුවේ පවතින අකාර්යක්ෂමතාව, වංචා දූෂණ සහ ජනතාව තුළ පවතින අප්‍රසාදය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ.
මීට විසඳුම් ලෙස නව තාක්ෂණය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු වේගවත් කිරීම සඳහා යොදා ගැනීමෙන් කාර්යක්ෂමව සේවා සැපයීමේ සැලසුම් පිළිබඳව අවධානය යොමුව තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, නව ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ බවයි.
රේගුව තුළ පවතින අක්‍රමිකතා තුරන් කිරීම සඳහා දැඩි නීති සම්පාදනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස්දී ඇත.
මානව සම්පත් කළමනාකරණය, නව බඳවා ගැනීම් සහ යටිතල පහසුකම් සංවර්ධනය කඩිනම් කිරීම පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
පසුගිය වසරේ රේගුව විසින් අත්කර ගන්නා ලද ආදායම් ඉලක්ක මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් වූ අතර මෙවර ඉලක්ක ගත ආදායම සපුරා ගැනීම සඳහා රේගු දෙපාර්තමේන්තුව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්ව තිබේ.
මේ අතර සාම්ප්‍රදායික ඉදිකිරීම්වලින් ඔබ්බට ගිය විධිමත් නගර සැලසුම් තුළින් ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත් කළ හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ ය.
ඒ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද පැවැති සාකච්ඡාවකදීයී.
නගර සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලාංකේය අනන්‍යතාව පිළිඹිබු වන අයුරින් එම සැලසුම් සකස් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස්දී ඇත.
නගර පමණක් නොව ගමද සංවර්ධනය කර ග්‍රාමීය ආර්ථිකය කේන්ද්‍ර කර ගනිමින් රටේ ආර්ථිකය ඉහළ නැංවීම සඳහා වූ රජයේ වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර එම සංවර්ධන ක්‍රියාවලියේදී ග්‍රාමීය සංස්කෘතිය හා ජන ජීවිතයේ අනන්‍යතා සුරක්ෂිත කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.