නවසීලන්තය ශූරයිගේ කුසලානයේ අවසන් මහා තරගයට

දකුණු අප්‍රිකාව පැරදූ නවසීලන්ත කණ්ඩායම ශූරයිගේ කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි...

by Staff writer 05-03-2025 | 11:14 PM

COLOMBO (News 1st) - නවසීලන්තය, 2025 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට අද (05) සුදුසුකම් ලබා ගත්තේ ය.

ඒ, දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි අවසන් පූර්ව තරගය ලකුණු 50කින් ජය ගනිමින්.

ලකුණු 363ක ඉලක්කකයක් හඹා ගිය දකුණු අප්‍රිකාවට කඩුලු 9ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 312ක් පමණයි.

පකිස්ථානයේ ලාහෝර් ක්‍රීඩාංගනයේදී කාසියේ වාසිය හිමිකර ගත් නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

විල් යංග් ලකුණු 21යි.

ආරම්භක පිතිකරු රචින් රවීන්ද්‍ර සමග එක් වූ හිටපු නායක කේන් විලියම්සන්, නවසීලන්ත දෙවැනි කඩුල්ලට ලකුණු 164ක සබඳතාවක් ගොඩනැගූහ.

රචින් රවීන්ද්‍ර අද රැස් කළේ පස්වැනි එක් දින ශතකයයි.

15 වැනි එක් දින ශතකයද සමගින් කේන් විලියම්සන් ලකුණු 102ක් රැස් කිරීමට සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 362ක්.

තරගාවලි ඉතිහාසයේ ඉනිමකදී කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව එය වේ.

දකුණු අප්‍රිකා පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල බිඳ වැටුණේ ලකුණු 20කදීයි.

නායක ටෙම්බා  බවුමා සහ රසී වැන්ඩර් ඩසෙන් දෙවැනි කඩුල්ලට ලකුණු 120ක සබඳතාවක් ගොඩනැගූහ.

ටෙම්බා බවුමා ලකුණු 56යි.

රසී වැන්ඩර් ඩසෙන් ලකුණු 69ක් රැස් කිරීමට සමත් විය.

දකුණු අප්‍රිකා පළමු කඩුලු 6 බිඳ වැටුණේ ලකුණු 200කදීයි.