චීන සංවර්ධන බැංකුවේ ණය ගෙවන්න ලංකාව මුල පුරයි

චීන සංවර්ධන බැංකුවේ ණය ගෙවන්න ශ්‍රී ලංකාව මුල පුරයි - IMF

by Staff writer 05-03-2025 | 8:34 PM

COLOMBO  (News 1st) - චීන සංවර්ධන බැංකුව සමග ඇතිකරගත් එකඟතා අනුව ප්‍රතිව්‍යූහගත කෙරුනු ණය ගෙවීමට ශ්‍රී ලංකාව මුල පුරා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එම අරමුදල නිකුත් කරන නිවේදනයකින් අනාවරණය කෙරෙන්නේ, පසුගිය දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව චීන සංවර්ධන බැංකුවට ණය පියවීමට මුලපිරූ බවයි.

එය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙළේ සන්ධිස්ථානයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරනය කරයි.

ඉන් සනාථ වන්නේ ශ්‍රී ලංකාවේ ණය තිරසරකරණය තහවුරු වීම බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරනය කරයි.

මීට සමගාමීව බැඳුම්කර නිකුතුවක් සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයේ සඳහන්.

දෙසැම්බර් මාසයේදී නිකුත් කෙරුණු එම යූරෝ බැඳුම්කර නිකුතුව සඳහා ගැනුම්කරුවන්ගේ සහභාගීත්වය සියයට 98 ක තරම් ඉහළ තත්ත්වයක පැවැති බවද ජාත්‍යන්තර මූල්‍ය  අරමුදල පෙන්වා දෙයි.