මිද්දෙණියේ ඝාතනය:කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

මිද්දෙණියේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

by Staff writer 04-03-2025 | 7:39 AM

COLOMBO (News 1st) - මිද්දෙණිය ත්‍රිපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඔහු විසින් සැකකරුවන්ට T56 ජීව පතුරම් 12ක් ලබාදී ඇති බවට දැනට සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි.

අදාළ ඝාතනවලට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ජුලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.

ඔහු වීරකැටිය පොලීසියට අනුයුක්තව රාජකාරි කර තිබේ.

පොලීසිය පැවසුවේ, මිද්දෙණිය ත්‍රිපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.