.webp)
ඔවුන් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා හමුවීමෙන් පසුව කියා සිටියේ සංස්ථාව හඳුන්වා දුන් නව මිල ගණනය කිරීමේ ක්‍රමවේදය යටතේ ඉදිරි සති දෙකක කාලයක් තම පිරවුම්හල් පවත්වාගෙන යාමට එකඟවු බවයි.
ඩබ්ලිව්.එස්.එස්. ප්‍රනාන්දු - සභාපති
ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය
'' අපි ගාව තෙල් තිබුණා මහජනතාවට ඇවිත් තෙල් අරගෙන යාම තමයි ලොකු වැරදි ප්‍රචාරයක් ඇරියා මාධ්‍යයෙන් මාධ්‍යය ප්‍රචාරය කෙරුවා පිරවුම්හල් වසා ඇත කියලා එක පිරවුම්හලක්වත් වැසුවේ නැ පිරවුම්හල් ඒ විදිහටම අපි කරගෙන ගියා අපි පාඩුවට හරි තෙල් නිකුත් කෙරුවා''
ඉන්ධන පිරවුම්හල් හිමියන් සමග පැවති සාකච්ඡාවට ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සමග ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද එක්ව සිටියහ.
කුමාර රාජපක්ෂ - සභාපති
ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය
''මේ සති දෙකක් තුළ අපට නව ක්‍රමවේදයේ අඩු පාඩු සහ මොනවා හරි ඒකේ සංශේධනයක් අවශ්‍ය බව පේනවා නම් ඒ සියලුදේ කිරීමට සංස්ථා සභාපතිතුමා අපි සමග එකඟවුණා සියලුම බෙදුම්කරුවන්ගේ සංගමයත් පිරවුම්හල් හිමියන්ගේ සංගමයත් අපි එකඟවුණා ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සිදුකරගෙන යාමට+++දැනට සියයට 3 සංස්ථාවෙන් නවත්තලා ලීටරයකට මුදලක් තමයි ගෙවන්නේ අපි සාකච්චා මට්ටමින් එකඟවුණා සති දෙකක් මේ විදිහටම යන්න ඒ සති දෙකට පසු යලිත් සාකච්චා කරලා යලිත් ඒක සංශෝධනයක් කිරීමට''
ප්‍රශ්ණය -
-- ඒ කියන්නේ සීපීසි එක හඳුන්වලා දීපු නව ක්‍රමවේදයට නේද ?
'' නව ක්‍රමවේදයට අපි දිගටම යන්න තීරණය කළා සති දෙකකින් සාකච්චා කරලා අඩුපාඩු තියෙනවා නම් සංශෝධනය කරන්න අපි එකඟවුණා''
ඩී.ඒ.රාජකරුණා - සභාපති
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව
''අපි අවසාන තීන්දුවකට ආවේ දැන් මේ අලුතින් අඳුන්වලා දීපු වට්ටම් මුදල පිළිබඳ සමිකරණයට අනුව මාසයක් ඇතුළත අපි දුවනවා ඒ අතරේ ඒගොල්ලන්ගේ මොන යම් හෝ ගැටලුවක් තියෙනවා නම් සැබෑ වියදම් අපිට ඒ ගොල්ලෝ නැවත වතාවක් ලබා දෙනවා ඒ වියදම් සහ අනෙකුත් සියලුම ගැටලුත් එක්ක අපි මේ මාසේ දහ අට වෙනිදා නැවත වතාවක් එකතු වෙලා මේ පිළිබඳව සාකච්චා කරනවා ''