Facebook සාදයක් වටලා 6 දෙනෙකු අත්අඩංගුවට...

Facebook සාදයක් වටලා 6 දෙනෙකු අත්අඩංගුවට...

by Staff writer 02-03-2025 | 2:43 PM

COLOMBO (News 1st)-

මහවෙල, නාරංගමුව පාර මඩවල ප්‍රද්ශයේදී ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු ද, ඒ අතරට ඇතුළත් ය.

මත්ද්‍රව්‍ය සන්කයේ තබාගැනීම සහ බලපත්‍ර නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමේ චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගැනුණි.

ඔවුන් මාතලේ, මහවෙල, කටුගස්තොට, මහනුවර හා රත්තොට ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

සැකකරුවන් අද නාවුල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.