.webp)
COLOMBO (News 1st)-
කොළඹ ආනන්ද - නාලන්දා විද්‍යාලාන්තර "95 වැනි සුලෝහිත සංග්‍රාමය" වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් විය.කෙසේ නමුත් තරගයේ පළමු ඉනිමේ ජය හිමි වූයේ නාලන්දා විද්‍යාලයටයි.
මෙම තරගය කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැත්විණ.
ආනන්ද - නාලන්දා සුලෝහිත සංග්‍රාමය තුන් දින තරගයක් ලෙස පැවැති පළමු අවස්ථාව මෙයයි.
එහි පළමුවෙන් පන්දුවට පහර දුන් ආනන්ද විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 324ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවූවේ ය.
දිනද අතලගේ ලකුණු 131යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නාලන්දා විදුහල් කණ්ඩායම අවසන් දිනයට තරගය ආරම්භ කරන විට කිසිවෙක් නොදැවී ලකුණු 58ක් රැස් කරගෙන සිටියේ ය.
නායක සදෙව් සමරසිංහ ලකුණු 40යි.
නදුල් ජයලත් ලකුණු 111ක් රැස් කළේ ය.
ශාරද ජයරත්න කඩුලු 4යි.
පළමු ඉනිම ක්‍රීඩා කළ නාලන්දා විදුහල් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 325ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවූවේ ය.
දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි ආනන්ද විදුහල් කණ්ඩායම අද තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 27ක් රැස් කරගෙන සිටියේ ය.
තරගයේ දක්ෂතම පිතිකරු නාලන්දා විද්‍යාලයේ නදුල් ජයලත් ය.
දක්ෂතම පන්දු යවන්නා ආනන්ද විද්‍යාලයේ ශාරද ජයරත්න ය.
දක්ෂතම පන්දු රකින්නා නාලන්දා විද්‍යාලයේ තිසර දෙව්නුදු ය.
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා සහ තරගයේ වීරයා සම්මාන දිනා ගත්තේ ආනන්ද විද්‍යාලයේ දිනද අතලගේ.
95 වැනි ආනන්ද - නාලන්ද සුලෝහිත සංග්‍රාමයට නිල විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ MTV,MBC මාධ්‍ය ජාලයයි.