පතරොම් 48ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

T56 ගිනි අවි සඳහා භාවිත කරන පතරොම් 48 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 01-03-2025 | 11:55 AM

COLOMBO (News 1st) -

T56 ගිනි අවි සඳහා භාවිත කරන පතරොම් 48 ක් සමග සැකකරුවෙකු මාතර මිදිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් පිරිසක් කළ වැටලීමකදී ය.

එම කාර්යාංශය මගින් රඳවා තබා ප්‍රශ්න කරන සැකකරුවෙකුගෙන් ලද තොරතුරක් මත සැකකරු හා පතුරම් තොගය අත් අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේ ය.

ඔහු සතුව තිබී 84 එස් අවි සඳහා භාවිත කරන පතුරමක්ද සොයා ගෙන තිබේ.

33 හැවිරිදි සැකකරු මිදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.