ශ්‍රී ලංකාවට ලැබෙන 3වැනි ණය වාරිකයට IMF අනුමැතිය

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 344ක තුන්වැනි ණය වාරිකයට IMF විධායක මණ්ඩල අනුමැතිය..

by Staff writer 01-03-2025 | 6:23 AM

COLOMBO (News 1st) -

විස්තීර්ණ ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාව සඳහා තවත් වාරිකයක් අනුමත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය තීරණය කර තිබේ.

ඔවුන් ඊයේ රැස්වූ අවස්ථාවේදී එලෙස අනුමත කර ඇති ණය වාරිකය අමෙරිකානු ඩොලර් මිලියන 344 කි.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දීමෙන් පසු අමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න ණය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගත්තේ ය.

මාස 48 ක විස්තීර්ණ ණය පහසුකම් යටතේ මේ දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කර ඇති සම්පූර්ණ ණය මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.34 කි.

පසුගිය කාලය තුළ පැවැති මැතිවරණ සහ දේශපාලන පරිවර්ථනය හමුවේ ශ්‍රී ලංකාවට තුන්වන ණය වාරිකය අනුමත කිරීම ප්‍රමාදවී තිබුණි.

තුන්වන ණය වාරිකයද අනුමත කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ තවදුරටත් අඛණ්ඩව පවත්වගෙන 
 යා යායුතු බවයි.