.webp)
COLOMBO (News 1st) -
ඌව පළාතේත්, මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට මිලිමීටර 75 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරුවේ වැසි ඇති විය හැකියි.
ඇතැම් ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 40 ක් පමණ දක්වා ඉහළ යා හැකි වෙයි.
අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මේ අතර, බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවධිනාය නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ පස්සර , හාලි ඇල , බදුල්ල , කන්දෙකැටිය , ඌව පරණගම , මීගස්කිවුල හා සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලටයි.
නුවරඑළිය දිස්ත්‍රික්කවේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශසට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කෙරිණ.
මේ අතර, දිවයිනට බලපා ඇති වියළි කාලගුණයෙන් පවුල් 2295ක, පුද්ගලයින් 12, 308 දෙනෙකුට බලපෑම් එල්ලවී තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්ක වලට වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.