ඇතැම් ප්‍රදේශවලට ජලය සැපයීම මුර ක්‍රමයට..

වියළි කාලගුණය හමුවේ ඇතැම් ප්‍රදේශවලට ජලය සැපයීම මුර ක්‍රමයට..

by Staff writer 27-02-2025 | 4:27 PM

COLOMBO (News 1st) -

පවතින වියළි කාලගුණය හමුවේ ඇතැම් ප්‍රදේශවලට මුර ක්‍රමයට ජල සැපයීම කරන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය නිවේදනය කළේ, අධික උෂ්ණාධික කාලගුණය හමුවේ ජල පරිභෝජනය සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති බවයි.

ජල මුලාශ්‍රයන්හි ජල මට්ටම් පහළ අගයක පවතින බැවින් අත්‍යවශ්‍ය කටයුතු වලදි ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි, ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

පවතින තත්ත්වය තුළ ඇතැම් ප්‍රදේශ වලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදු වනු ඇති.

උස් බිම් ප්‍රදේශ වලට වරින් වර ජල සැපයිම බිඳ වැටිය හැකි බව ද ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කළේ ය

ගංගා ජලයට ලවණ මුසු වීම වැළැක්වීම සඳහා අවශ්‍ය තාවකාලික ලවණ බාධක ඉදි කළ බව ද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ ය