වසර 5කට පසු පළමු ජපන් වාහන තොගය අද දිවයිනට

වසර 5කට පසු ජපනයෙන් ආනයනය කළ පළමු වාහන තොගය අද දිවයිනට

by Staff writer 27-02-2025 | 6:28 AM

COLOMBO (News 1st) - වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමග ජපානයෙන් ආනයනය කරන පළමු වාහන තොගය අද(27) දිවයිනට ළඟා වේ.

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පැවසුවේ, හම්බන්තොට වරායට ළඟාවන එම නෞකාවේ වාහන 300ක් පමණ පවතින බවයි.

එලෙස ජපානයෙන් නව වාහන ආනයනය කරන්නේ, වසර 5කට පසුව වීම විශේෂත්වයකි.

ඒවා ඇණවුම් කළ පුද්ගලයින්ට කඩිනමින් ලබා දෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර තායිලන්තයෙන් ආනයනය කළ කැබ් රථ තොගයක් මේ වනවිටත් දිවයිනට ලැබී අවසන්ය.

ප්‍රසාද් මානගේ මහතා පැවසුවේ, වාහන 3000කට වැඩි සංඛ්‍යාවක් ආනයනයට සැලසුම් කර ඇති බවයි.