උස්වැටකෙයියාවේ පුද්ගල ඝාතනයට සැකකරුවෙකු කොටු..

උස්වැටකෙයියාවේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට සැකකරුවෙකු අත්අඩංගුවට...

by Staff writer 27-02-2025 | 5:26 PM

COLOMBO (News 1st) -

පමුණුගම, උස්වැටකෙයියාවේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 20 වැනිදා සිදුවූ මෙම ඝාතනයට ගනේමුල්ලේ සංජීව ඝාතනය මෙහෙයවූ බවට සැකකරන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ සමීපතමයෙකු වන ඩුබායි කලණ නැමැත්තා සම්බන්ධ බවට පොලිසිය සැකකරයි.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 ක් සහ විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්ද සොයාගත් බව පොලිසිය ප්‍රකාශ කළේ ය.

සැකකරු රාගම පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.