මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

by Staff writer 26-02-2025 | 2:48 PM

COLOMBO (News1st) - ගණේමුල්ල සංජීව ඝාතනයේ සැලසුම්කරු ලෙස චෝදනා නැගෙන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ සමීපතමයෙකුට අද (26) පෙරවරුවේ මිනුවන්ගොඩ පත්දඬුවන ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල විය.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට රෝහල්ගත කර සිටී.

අද පෙරවරු 11 ට පමණ මිනුවන්ගොඩ, පත්දඬුවන මංසන්ධියේ ත්‍රිරෝද නැවතුමේ අදාළ වෙඩි තැබීම සිදුවිය.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි ප්‍රහාරය එල්ලකර තිබුනේ 36 හැවිරිදි ලහිරු රන්දීර් කාංචන නැමැති ත්‍රිරෝද රථ රියදුරෙක් ඉලක්ක කර ගනිමිනි.

පොලිසිය පැවසුවේ, මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් වෙඩි ප්‍රහාර එල්ලකර තිබූ අතර, වෙඩි ප්‍රහාර 3ක් මෙම පුද්ගලයාට වැදී ඇති බවයි.

ඉන් ඔහුගේ දකුණු කකුලට හා මුහුණට තුවාල සිදුව තිබූ බව සඳහන්.

පොලිසිය පවසන්නේ, තුවාල ලැබූ පුද්ගලයා කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ සමීපතමයෙකුගේ ඥාතියෙකු බවයි.

මේ අතර,, කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ බිරිඳගේ මව, පියා සහ බාලසහෝදරයා ඝාතනය කිරීමට උත්සාහ කළ දෙදෙනෙකු පෙරේදා අත්අඩංගුවට ගැනුනේ, පන්නල ප්‍රදේශයේදීයි.